Wednesday, February 1, 2023




එක නාදුනන නගරයකි. එක නොදන්නා සීත සෘතුවකි. වෙනදාටත් කලියෙන්ම කලුවර නගරය පුරාම පැතිරෙමින තිබුණු අතර මිනිසුන් උණුසුමක් හොයමින් තම තමන්ගේ නිවෙස් තුල ගුලුවෙමනි ඉන්න ඇති. කලුවරට වඩා අප අතර තිබු විරසකය එන්න ඒන්නම උඩු දුවමින් තිබුණා. නිතර නිතර සැක කිරිම්, හිත් රිදවිම්, මානසික වියවුල් මෙන්ම තවදුරටත් ඒකම වහල යට වාසය කිරිම පවා හීනයක් වෙමින් තිබුණු රාත්‍රියක් ඒ්ක! දෙදරා යාම පැහැදිලියි! 

වෙරෝනිකා.......

මම හැමදාම ප්‍රර්ථනා කළේ ඔයාගේ සුඛවිහරණය පමණමයි. නොදන්නා රටක නොදන්නා මිනිසුන් අතර නොදන්නා භාෂාවක් එක්ක ගණුදෙණු කරමින් මගේ දහදිය මහන්සිය කදුලු හෙළමින් හැමදාම මම උත්සහා කළේ ඔයාව රැජිනක් වගේ තියන්න. පුලුවන් හැම වෙලාවකම මම ඔයාව තල්ලු කරේ ඔයාගේ දක්ෂතාවයන්ගෙන් ඉදිරියට යන්න. චිත්‍ර අදින්න ඔයා දක්ෂ නිසාම ඒ්වා පාරේ තියාගෙන විකුණන්න පවා මම ඉදිරිපත් වුණා. ඉගෙනීමට ඔයාගේ තියෙන සුවිශේෂ හැකියාව නිසාම ඔයාව උනන්දු කළේ වඩා හොද තැනකට යන්න වැඩිදුර ඉගෙන ගන්නමයි. මම ඉතාම සීමාසහිත හැසිරිම් රාටාවක් තියෙන සත්වයෙක් නිසාම මම දන්නා සියලු දේ මේ රටට මේ නගරයට මේ මිනිසුන් තවදුරටත් වැඩක් නොමැති නිසාම කම්රුවෙකු සේ වෙහෙස වුණේම ඔයාට හොද හෙටක් ලබා දෙන්න විතරමයි. මගේ පවුලේ සියලු දෙනාගෙන් හා මිතුරන් සියලු දෙනාගෙන් විතැන්වී ඔයා තුලටම මම තව තවත් කිදා බැස්සේම ඒ් තනිකම, කාන්සිය, වේදනාව මගහැර ගන්නමයි. ශක්තියක් හොයා ගන්නමයි. ‌ප්‍රේමයෙන් ආයෙමත් හට ගන්නමයි. වෙරෝනිකා තාමත් ප්‍රේමය කියන්නේම ඔයා විතරමයි.


ඒත් වෙරෝනිකා......

මේක තමයි අපිට ඒන්න පුලුවන් උපරිම දුර! තමන් වටා හිදින මිනිසුන්ගේ උවමනා එපාකම් මත ජිවිතය ගොඩ ගැහුවම යන්න පුලුවම් උපරිම දුර මෙක තමයි! තමන්ගේ ජිවිතය විනාස කරමින් අනුන් මත් ජිවිතය පැළ කලාම ඒන්න පුලුවම් දුර මෙක තමයි! 

රාත්‍රීන් කියක් ‌මේ සීතල පාරවල් ගානේ ගෙවෙන් ඇත්ද? සිගරට් කීයක් නොනිදි රාත්‍රීන් වල දවා හලු කරන්නට ඇත්ද? කාත් කවුරුවත්ම නැති කිසිදු අයෙක් හදුනන්නේ නැති නගරයක හිගන්නෙක් සේ තැනින් තැන ගමන් කිරිම ඔබට මානසිකව දැනෙන්නේ කෙසේද? 

වෙරෝනිකා......

ජිවිතයේ ලගම හිටපු අය නොදන්නා මිනිසුන් බවට පත්වෙන්න ගතවුණේ තප්පරයකටත් වඩා අඩු කාළයක්. ආදරෙන් රැකබලා ගත් සළකපු උවටැන් කරපු අය ප්‍රේමයත් ඒක්කම වළපල්ලට ගිහිං. මිනිසුස් වෙනස් වෙනවා ඒත් මෙහෙම! හිනාවෙන්න දහසක් මිනිසුන් හිටියත් ලගට ගන්න උදව් උපකාර දෙන්න ඉන්නේ ඒකයි හෝ දෙන්නයි. හැබැයි තමන්ගේ යැයි සිතා හිටි මිනිසුන් අහක බලද්දි මිනිස් කන්දක් ඒක්වරම ලග රැදීම ආදරයම මිස අන්කවරක්ද? 

ඒත් ‌‌වෙරෝනිකා වසන්තය ආයේ එනවා මට විශ්වාසයි! ඔයා ලග හිටියත් නොහිටියත්! මග බලා හිදීමට වඩා බිංදුවේ සිටම වැඩකිරිම ප්‍රමාණිකයි! දැං මේ සියල්ල වචන පමණක්ම වන ඔයාගේ ලොකෙන් ඒහා අලුත් ලෝකයක් අලුත් හීනයක් අලුත් අලුත් පරිච්ඡේදුයක් ලියමින් ඉන්නේ! 

වෙරෝනිකා මං හිතුවේ මගේ උමතු බව හින්දම මම ඔයාට ‌ප්‍රේම කරනවා කියලයි. ඒත් වෙලා තියෙන්නේ අන්ධයෙක් වගේ ඔයාව විශ්වාස කිරිම පමණක්ම යැයි කියලයි මට හිතෙන්නේ. සිගරට් වලට පුලුවන ජිවිතයක් හෙමෙන් හෙමෙන් බිලි ගන්න, අරක්කු වලට පුලුවන් මිනිහෙකුගේ මතකය මකලා දාන්න ඒත් ප්‍රේමයකට පුලුවන් මිනිහෙක්ව විනාශ කරන්නත් ඒ් මිනිහවම ආයෙමත් නැගිට්ටවන්නත්! ඉතිං වෙරෝනිකා අරක්කු සිගරට් වලට ප්‍රතිපක්ෂව මම ආයෙමත් ප්‍රේමය තෝරා ගන්නවා! ගිණි පෙල්ලෙන් බැටකෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයි කිව්වට ඒ් බයම තමයි අපිව හෙට දිනයේදී ත් ජිවත් කරවන්නේ. මිනිස්සු වුණාම වැරදි කරනවා මම හිතන්නේ නැහැ කිසිම මිනිහෙක් දැන දැන වැරදි වැඩවලට පෙළ‌ඹෙනවා ඇති කියලා. ඒහෙම වෙනවනම් ඒ් වැරැද්ද තෝරා ගන්න ඒ මිනිහටම සුවිශේෂි වු හේතුවක් ඇති. හැගීම් සමුදායක් විනාශවෙලා කිසිදු අකුරත් අමුණ ගන්නවත් බැරිව ඉන්න මිනිහෙකුගෙන් ආදරය ගැන හේතු මුමුණලා වැඩක් නැහැ. 

ප්‍රේමය කියන්නේ ලිංගිතක්වය තුල සුරාන්තයට පත්වීම පමණක්ම නෙවෙයි. හුරතල් වීම, ලංව හිදිනා මොහොතවල්, නළලත සිප ගැනීම්, පුංචි පුංචි සිපගැනීම්, වැනි කුඩා ඒකතුවීම් රාශියක් එකතුවක්! ජිවිතේ පරණ වෙන්න පරණ වෙන්න පරණ පුරුදු අපි හැමෝටම අමතකව යනවා. වෙරෝනිකා ජිවිතයේ ආදරය පිළිබද විතරක්ම විශ්වාස කරලා පාත් ඒක්ක පැනලා අපි ඔයා විදවනවා බලාගෙන තනියම සුසුම් හෙළනවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් නැතැයි කියලා හිතෙන හැම මොහොතකම පපුව කිරී ගැහිලා වේදනාවක් උඩුදුවනවා. හැමෝම හිටපු ඔයාව හැමෝම අතහැරලා දාලා තනියෙම විදවන්නේ මං හින්දා නේද කියලා හිතෙනකොට මේ මෙල්බන් නගරයම දෙදරා යන්න කෑගහන්න හිතෙනවා. සත්තමයි! එත් ආයේ ලගා වෙන්න බැරි තරම් දුරකට ඔයා මාව තල්ලු කරලා ඉවරයි. හැබැයි වෙනවීම කියන්නේ ඒකම විසදුම නම් ඔයාගේ ඒ් විසදුමට ගරු කරලා මං ඈතින ඉන්නම්! සමහර විට මෙක සමුගැනීමම වෙන්න ඇති.

වෙරෝනිකා තාමත් මම කියන්නේ 

මේ මෙහොතේ මරණිය වේදනාව මම නම් තාමත් ප්‍රේමය කියනනේ ඔයාමයි! ඔයා විතරමයි!